(දිනේෂ් උපේන්‍ද්‍ර සහ නන්ද එස් ඒකනායක)
දුම්මලසූරිය සියඹලාගස්රුප්ප ප‍්‍රදේශයේදී කපාකොටා ඝාතනය කර තිබූ තරුණයා පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තරුණියක් බව හෙළිව ඇතැයි දුම්මලසූරිය පොලිසිය කියයි.
දුම්මලසූරිය ප‍්‍රදේශයේදී ඉකුත් 12 දා ඝාතනය කර දමා තිබූ 38 හැවිරිදි තරුණයකුගේ දේහය සම්බන්ධව කුලියාපිටිය අධිකරණයෙන් කර තිබූ නියෝගයකට අනුව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේදී සිදු කළ පශ්චාත් පරීක්‍ෂණයේදී එසේ ඝාතනය කොට තිබුණේ පිරිමි නමකින් පෙනී සිට තිබූ කාන්තාවක් බව එසේ අනාවරණයවී තිබිණ.
දුම්මලසූරිය සියඹලාගස්රුප්ප ප‍්‍රදේශයේ විශාල වත්තක කලක පටන් පදිංචිව සිට ඇති අදාළ මරණකරු අත්හැර දමා ඇති සුනඛයින් රැකබලාගනිමින් සිටි අයකු බව පොලිසිය අනාවරණය කරගන තිබිණ.
ඝාතනය වාර්තා වී එම ස්ථානයට යනවිටත් බල්ලන් 60කට වැඩි ප‍්‍රමාණයක් එම මියගිය අයගේ රැකවරණය ලබමින් සිට තිබිණ.
අසල්වැසි පුද්ගලයකුගේ දැනුම්දීමකට අනුව එසේ ඝාතනය වී ඇදවැටී සිටි අයගේ දේහය සොයා ගැනීමට එහිදී පොලිසියට හැකිව තිබිණ.
මරාදැමීමට හේතුවක් හෝ මේ වනවිටත් අනාවරණය වී නොමැති බවද පොලිසිය කියයි.